චීන සංගීතයේ හා කාව්‍යයේ ජන්මය ක්‍රි. පූර්ව 1000 - 600 ත් අතර යුගයේ නිර්මාණය කළ ගීත ඇතුළත් පොතකින් අනාවරණය වී තිබේ. මුල් කාලීන චීන සාහිත්‍යයේ විනය හා රිද්මය ජන ගී තුළ ත්, ආගමික ගීත තුළ මෙන්ම මාහැ`ගි උදාර ගීත තුළින් අනාවරණය වී තිබේ.
මුල් කාලීන ව විවිධ කටයුතු උදෙසා ගායනය මෙන්ම සංගීතය යොදා ගැනීම ට චීන ජාතිකයෝ පෙළඹුනහ. ඒ අතර රාජ සභාවේත්, පිළිගැනීමේ උත්සවයන් හී දී මෙන්ම යුද කටයුතු වල දී සහ ශෝකාකූල අවස්‌ථාවලදීත් ගායනය හා සංගීතය යොදා ගැනීමට වඩාත් පෙළඹී තිබේ.
මුල් කාලීන චීන සංගීතය පදනම් වී ඇත්තේ ඝට්‌ටනය නැතහොත් ඇ`ගිලි තුඩු වලින් පහර දීම මගින් නාද රටා මවන සංගීතය යි. විශේෂයෙන් තඹ සීනුව එහිලා කැපී පෙනේ. චීන සීනු නාද කර ඇත්තේ පිටතින් පහරදීම මගිනි. බොහෝ විට ලී කැබැල්ලක් ඊට යොදා ගෙන ඇත.
ප්‍රතිවිරුද්ධ රාජ්‍ය සමයේ දී එවැනි සංගීත භාණ්‌ඩ ක්‍රමිකව පරිහරණය අඩු වෙමින් බටනලා සහ තත් භාණ්‌ඩ පරිහරණය වර්ධනය වී ඇති බව පුරාවිද්‍යාත්මක කැණීම් මගින් තහවුරු වී ඇත.
සැලකිය යුතු කාරණය වනුයේ සංගීතය (Yue) නමැති වචනය ලිවීමේ දී යොදාගැනෙන අක්‍ෂරයන් ම ජෝයි (Joy) යන්න ලිවීමේ දී ද යොදා ගැනීමය. දාර්ශනික කොන්ෆියුසියස් ඔහුගෙ ශ්‍රාවකයන්ටත් සංගීතය වඩාත් වැදගත් වූයේ එයට ජනයා සුසවර කිරීමේ හෝ වඩාත් තුළනය කිරීමේ ශක්‌තියක්, බලයක් පැවති හෙයිනි. නොඑසේ නම් ජනයා අරගලකාරි වීම හෝ දූෂ්‍ය වීම වැළැක්‌විය නොහැකිය යන මතයක් කොන්ෆියුසියස් දාර්ශනිකයා තුළ ද පැවතිනි.
සුන් සී ට අනුව කොන්ෆියුසියානු වාදයේ බර තබා ප්‍රකාශ කොට ඇති පිළිවෙත්, චාරිත්‍ර, ශිෂ්ට රීතිය හා සමානව ම සංගීතය වැදගත් ය. මොසී (Mozi) කොන්ෆියුසියානුවාදය හා එක`ග නොවෙමින් ඊට එරෙහි විය. ඔහුගේ තර්කය වූයේ සංගීතය යනු රසඥතාව පමණක් ඇති වැඩකට නැති නාස්‌තිකාර දෙයක් ය යන්න යි.
No comments:
Post a Comment