Saturday, July 9, 2016
රුපියල් බිලියන 132 ව්‍යාපෘතිවලට රජය අත්සන් තබයි - නවයුගය-
මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් දක්වා කාලය තුළ රුපියල් කෝටි දහතුන්දහස් දෙසීයයක් (රු.බි. 132) වටිනා නව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ගිවිසුම් අස්සන් තබා ඇතැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
ග්‍රාමීය සංවර්ධනය කේන්ද්‍ර කරගනිමින් පානීය ජලයෝජනා ක්‍රම, මාර්ග සංවර්ධනය, ග්‍රාමීය රෝහල් නවීකරණය, කෘෂි අපනයන භෝග ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම, අධිවේගී මාර්ග සහ ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘති මේ යටතේ, සිදු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි .
ඊට අමතරව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 12ක් ද මේ සංවර්ධන සැලසුම් යටතේ අස්සන් කළ ගිවිසුම්වලට ඇතුළත්ය.
මේ වසරේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා චීනය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ජපානය, යුරෝපා සංගමය, ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව මූල්‍ය දායකත්වය සපයනු ලබයි.
මේ අතර තවත් රුපියල් බිලියන 500කට ආසන්න මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 50කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. නව මානයක් ඔස්සේ දිවයින පුරා විහිදී ගිය සංවර්ධන ක්‍රියාදාමයක් දියත් කිරීම රජයේ අපේක්ෂාව බවද ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන විමධ්‍යගත අරමුදල් 100%කින් ඉහළ නංවා තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව 2016 වසර සඳහා හිමි රුපියල් මිලියන 10 සහ 2015 සඳහා හිමි රුපියල් මිලියන 05ක ප්‍රතිපාදන සමඟ මේ වසරේ සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම රුපියල්මිලියන 15ක ප්‍රතිපාදන අරමුදල් හිමි වන අතර ඒ සඳහා රජය රුපියල් මිලියන 3700ක මුදලක් වැයකරන බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.
එමෙන්ම ගමට සංවර්ධනය යටතේ යටිතල පහසුකම් සංවර්ධනයට සහ ග්‍රාමීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා සෑම ගමකටම රුපියල් දස ලක්ෂය බැගින් ලබා දීමට රජය පියවර ගෙන තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 13300 මුදලක් වෙන් කර ඇති බවද ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
රුපියල් බිලියන 132 ව්‍යාපෘතිවලට රජය අත්සන් තබයි - නවයුගය-
Reviewed by pubudulakmal
on
5:29:00 AM
Rating: 5
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment