Sunday, July 10, 2016
ඔස්ට්‍රේලියාවේ පැවති මහ මැතිවරණයෙන් පාලක ලිබරල් ලීගයට ජය
ඔස්ට්‍රේලියාවේ පැවති මහ මැතිවරණයෙන් පාලක ලිබරල් ලීගය ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්ව ඇති බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ඒ අනුව, ඡන්දය පැවැත්වී සතියක් ගතවන තැන ජයග්‍රහණය සහතික කරගැනීමට අගමැති මැල්කම් ටර්න්බුල් සමත්වී ඇත.
ඒ බිල් ෂෝර්ටන් ප්රමුඛ කම්කරු පක්ෂය දැඩි තරගයකින් පසුව පරාජයට පත්කරමිනි.
මෙවර මැතිවරණ සටනේ ආරම්භයේ සිටම කම්කරු පක්ෂය ලබාදුන් දැඩි තරගය හමුවේ, මැතිවරණ ජයග්‍රහණය සඳහා අවශ්‍ය අසන 76ක් දිනාගැනීමට හැකිවනු ඇති බව අගමැති ටර්න්බුල් තමන්ට එරෙහිව පීඩනයක් එල්ලවන අවස්ථාවේදී පවා අවධාරණය කළේය.
එමෙන්ම, එරට මැතිවරණ බලධාරීන්ට අනුව බදාදා දිනයේදීත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකෙරමින් පැවතිණි.
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 150න් ආසන 71ක් මේ වනවිටත් අගමැති මැල්කම් ටර්න්බුල්ගේ නායකත්වයෙන් යුතු පාලක ලිබරල් ජාතික ලීගය දිනාගෙන ඇති අතර, ඔවුන්ට බහුතරල බලයක් දිනාගැනීමට අවශ්‍ය වන්නේ ආසන 76ක් බව කියයි.
ඔස්ට්‍රේලියාවේ පැවති මහ මැතිවරණයෙන් පාලක ලිබරල් ලීගයට ජය
Reviewed by pubudulakmal
on
6:55:00 AM
Rating: 5
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment