Latest News

Saturday, July 16, 2016

තුර්කි හමුදා කුමන්ත්‍රණය



තුර්කි හමුදා කණ්ඩායමක් ඊයේ රාත්‍රීය තුළ ජනපති රිසෙප් තයීප් එර්ඩෝගන්ගේ රජයට එරෙහිව සිදුකිරීමට ගිය හමුදාව ජනතා නැගිටීම හමුවේ ව්‍යර්ථ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
තුර්කි ජනාධිපති රිසෙප් තයීප් එර්ඩෝගන් අවධාරණය කළේ ඩොලර් බිලියන ගණනක වත්කම් සතු ආගමික ව්‍යාපාරයක ප්‍රධානියෙකු ලෙස සැලකෙන පූජක ෆෙතුල්ලාහ් ගූලෙන් මෙම හමුදා කුමන්ත්‍රණය පිටුපස සිටින බවයි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් රටේ බලය ඇල්ලීමට පැමිණි හමුදා කණ්ඩායම් ඉදිරියේ ප්‍රබල උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එහිදී, හමුදාව තවදුරටත් ඉදිරියට යෑම වැළැක්වීමට ජනතාව ගත් උත්සාහයේදී හමුදා වෙඩි තැබීම් හමුවේ පොලීස් නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 42කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
එහිදී, තුර්කි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද මෙම හමුදා කණ්ඩායම විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණු බව විදෙස් වාර්තා පැවසීය.







No comments:

Post a Comment

Recent Post