Latest News

Thursday, July 7, 2016

චීන ගුවන් හමුදාවට අයත් අති නවීනතම ගුවන් යානය



චීන ගුවන් හමුදාවට අයත් අති නවීනතම ගුවන් යානය ඊයේ සිට සේවා සඳහා යොමු කරන ලදි. හමුදා ප්‍රවාහන කටයුතු සඳහා මෙම යානය යොදා ගැනීමට නියමිත අතර නැගෙනහිර හා දකුණු චීන මුහුදට අයිතිය පාන රටවල් හා චීනය අතර මත ගැටුම් උග්‍රව තිබෙන අවස්ථාවක සිදුවූ මෙම යානාව දියත් කිරීම ලොව කළඹන සිදුවීමක් බවට පත්ව තිබේ
.වයි-20 ලෙස නම්කර තිබෙන මෙම යානය චීනයේම නිෂ්පාදිත එකකි.විවිධ කාලගුණ තත්ත්වයන් හමුවේ මෙම යානය මගින දුරාන්ත ප්‍රදේශ වෙතට භාණ්ඩ හා හමුදා සේනාංක ප්‍රවාහනය කිරීමට හැකියාව ඇතැයි පැවැසේ.
මෙම යානයට ටොන් 66ක බර කි.මී. 4400ක් දක්වා දුර ගෙන යෑමට හැකියාව පවතී්‍.ටොන් 55ක බර දරාගෙන මෙම යානයට බටහිර චීනයේ සිට ඊජිප්තුවේ කයිරෝ බලා පියාසර කල හැකිය.
මේ අතර ඒ.එෆ්.පී පුවත් සේවය නම සඳහන් නොකළ ආරංචි මාර්ග උපුටා දක්වමින් කියා සිටියේ. යානයේ යොදා තිබෙන රුසියාවේ පැරණි මාදිලි එනිජිම අනුව එහි ධාරිතාව හා ධාවන දුර චීන රජය පවසනවාට වඩා අඩු විය හැකි බවය.

No comments:

Post a Comment

Recent Post