ලොව සුපතල Virgin Group හි හිමිකරු මෙන්ම ලොව ප‍්‍රමුඛ ධනවතකු වන ශ‍්‍රීමත් රිචඩ් බ‍්‍රැන්සන් ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා ඉදිරි දිනක දී ලංකාවේ සංචාරයක යෙදෙනු ඇතැයි වාර්තා පළ විය.
ඔහු ඒ බව පවසා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවේ දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පිරිස හමුවී කළ සාකච්ඡාවේදීය. එහි දී සංචාරක ක්ෂේත‍්‍රයේ ආයෝජනය කිරීමේ අවස්ථා පිළිබඳ තමන් වැඩි අවධානයක් යොමුකර ඇති බවත් එම තීරණය මීට මාස කිහිපයකට පෙර ගත් එකක් බවත් ඔහු මෙරට නියෝජිතයන්ට දන්වා ඇත.
ෆෝබ්ස් 2014 වාර්තාවට අනුව රිචඞ් බ‍්‍රැන්සන් එක්සත් රාජධානියේ 7 වන ධනවතා වන අතර ඔහු මේ වන විට සංචාරක, විනෝදාස්වාද සහ සන්නිවේදන ආදී ක්‍ෂේත‍්‍ර නියෝජනය වන සමාගම් 400 කට වඩා හිමිකම් කියයි.
මීට පෙර මෙරට පැවති ආර්ථික සමුළුව වෙනුවෙන් ජෝර්ජ් සොරෝස් පැමිණි අතර මේ පන්නයේ ඩොලර් බිලියන ගණනින් සමන්විත ආයෝජකයන් ගැන ආසන්න ඉතිහාසයේ අසන්නට නොලැබුණ තරම්ය. එසේම ලෝක ආර්ථික සමුළුවේ දී බ්ලූ චිප් සමාගම් හෙවත් ලෝකයේ අති ධනවත් සමාගම් 40 ක් පමණ ශ‍්‍රී ලංකාව තුළ තම ආයෝජන ආරම්භ කිරීමට කැමැත්ත පළ කළ බවට පුවත් පැතිර යන අතර මේ කියන පුද්ගලයන් මෙරටට එනවා නම් විදුලි ඉස්තිරික්කයේ තබා රොටි පුළුස්සන් කන සුද්දන්ට වෙනස් අත්දැකීමක් අප රට ලබනු නොඅනුමානය. විශේෂයෙන්ම මෙරට ව්‍යවසායක චින්තනය පමණක් නොව වෘත්තීය සමිති වැඩ සහ සටන් කලාව පවා ඔවුන් අතින් සංස්කරණය වනු ඇත. ඒ කියන්නේ රටේ ආර්ථිකය පමණක් නොව දේශපාලන සටන් පාඨ පවා ඉදිරියේ දී වෙනස් වීමට නියමිත බවය.
බ‍්‍රැන්සන් ගැන මේ කරුණු කිහිපය ඊට සාක්ෂි දරනු ඇත.
No comments:
Post a Comment