Latest News

Saturday, March 11, 2017

කොළඹ බේරේ වැව ආශ්‍රිතව ලබා ගත් අපිරිසිදු ජලය විනාඩි දෙකක් ඇතුළත පිරිසිදු කර පානීය ජලය බවට



බේරේ වැවෙන් ගත් අපිරිසිදු ජලය විනාඩි දෙකක් වැනි සුළු කාලයකදී පිරිසිදු කර බීමට ගත හැකි තත්ත්වයට පත් කළ හැකි ජල පෙරණයක් 09 දා මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් හඳුන්වා දුන්නේය. මෙම ජල පෙරණය භාවිත කර හතර දෙනෙකුගෙන් යුත් පවුලකට පානීය ජලය හදා ගැනීමට වියදම් වන්නේ දිනකට ශත 50 ක් තරම් සුළු මුදලකි.
පිරිසිදු පානීය ජලය ජනතාව වෙත ලබා දීම මගින් වර්ෂිකව වැය වන රුපියල් බිලියන 124ක් පමණ වන සෞඛ්‍ය වියදම අවම කරගත හැකි බව ද මෙය හඳුන්වාදෙමින් මුදල් අමාත්‍ය වරයා පැවසීය. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වකුගඩු රෝගය ඇතුළු රෝග රැසකට පිළියම වන්නේ ජනතාවට ක්ෂණිකව පානීය ජලය ලබා ගත හැකි ක්‍රමවේදයක් මෙයින් සැකසෙන බවයි.
පිරිසිදු ජලය ඉතා අඩු වියදමකින් ක්ෂණිකව ජනතාවට ලබා ගත හැකි මෙම නවතම ජල පෙරණය බ්‍රිතාන්‍ය ලයිෆ් සේවර් (Life Saver) සමාගම මගින් නිෂ්පාදිත එකකි. මෙම ජල පෙරණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
කොළඹ බේරේ වැව ආශ්‍රිතව ලබා ගත් අපිරිසිදු ජලය විනාඩි දෙකක් ඇතුළත පිරිසිදු කර පානීය ජලය බවට පත් කර පෙන්වීම මෙහි දී සිදුකෙළේ සමාගමේ නිලධාරීන් විසිනි.
මීට අමතරව පානීය ජල බෝතල් හේතුවෙන් පරිසරයට එකතු වන, දිරා නොයන අපද්‍රව්‍ය ප්‍රශ්නයට ද මෙමගින් සාර්ථික පිළිතුරක් ලැබේ. එමගින් ආසනික් සහ වකුගඩු රෝග කාරකයන් අවම කෙරේ.
මලයාසියාව, බංග්ලාදේශය, බ්‍රසීලය, ලෙබනනය සහ කොලොම්බියාව වැනි රටවල්වල මේ ජල පෙරණය ඉතා සාර්ථක ලෙස භාවිතයට ගනිමින් තිබේ.



No comments:

Post a Comment

Recent Post