Wednesday, June 7, 2017
තැලසීමියා රෝගීන්ගේ ඇටමිදූලු බද්ධ කිරීම මහනුවර මහ රෝහලේ ආරම්භ කිරීමට සූදානම්
තැලසීමියා රෝගීන්ගේ ඇටමිදූලු බද්ධ කිරීම මහනුවර මහ රෝහලේ ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසුවා .
බණ්ඩාරගම ගෝනදූව ග්‍රාමීය රෝහලේ තෙමහල් නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීම පසුගියදා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
ඖෂධ මිල අඩු කිරීම, ස්ටෙන්ස් නොමිලේ ලබාදීම, අක්ෂි කාච ලබාදීම පිළිකා රෝගීන්ට ජිවිත කාලය පුරා ඖෂධ නොමිලේ ලබාදීම වැනි තීන්දු තීරණ වලින් ජනතාවට විශාල ප්‍රතිලාභ හිමි වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කම් මෙි වනවිට ආරම්භ කර තිබෙන බව ද සඳහන් කළේ.
දැනට මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ගේ ඇටමිදූලු බද්ධ කිරීමේ සැත්කම් සිදු කරන අතර ඉන් පසු තැලසීමියා රෝගීන්ගේ ඇටමිදූලු බද්ධ කිරීම මහනුවර මහ රෝහලේ ආරම්භ කරන බව ඒ මහතා පැවසීය.
මෙම උත්සවයට සමගාමීව ගැබිණි මාතාවන් සඳහා උපකරණ පරිත්‍යාග කිරීමක්, ජාත්‍යන්තර පරිසර දිනය වෙනුවෙන් පැලසිටුවීමෙි වැඩපිළිවෙළක් එහිදී සිදු කෙරිණි.
තැලසීමියා රෝගීන්ගේ ඇටමිදූලු බද්ධ කිරීම මහනුවර මහ රෝහලේ ආරම්භ කිරීමට සූදානම්
Reviewed by pubudulakmal
on
7:43:00 AM
Rating: 5
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment