Sunday, August 6, 2017
අද අර්ධ චන්ද්‍රග්‍රහණයක්
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට අද අර්ධ චන්දග්‍රහනයක් දැක ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා.
මෙම චන්ද්‍රග්‍රහණයේ ආරම්භය අද රාත්‍රී 09.20ට සිදුවන අතර ග්‍රහණ අවසානය 08දා අළුයම 02.21ට සිදු වේ. ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට ද යුරෝපය, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් බොහෝමයකට ද මෙම චන්ද්‍රග්‍රහණය දිස්වනු ඇත.
පියවි ඇසට චන්ද්‍රග්‍රහණය දිස් වේ. චන්ද්‍රයා, පෘථිවියේ වඩා අදුරු වූ පූර්ණ ඡායාව තුළින් ගමන් කිරීම අරඹන අවස්ථාව අද රාත්‍රී 10.53ට උදාවන අතර චන්ද්‍රයා පූර්ණ ඡායාවෙන් ඉවත් වීම පැය 01යි විනාඩි 55කින් එනම් මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 48කට පසු සිදුවේ.
රාත්‍රී 10.53 සිට ග්‍රහණය හොදින් දිස්වනු ඇත. මෙම ග්‍රහණයේ උපරිම අවස්ථාව රාත්‍රී 11.51 වන විට චන්ද්‍රයාගෙන් සියයට 25කට ආසන්න ප්‍රමාණයක් පෘථිවි පූර්ණ ඡායාවෙන් වැසී ඇති සේ දිස්වනු ඇත.
ලබන වසරේ ජනවාරි 31 හා ජුලි 27 යන දිනයන්හි පූර්ණ චන්දග්‍රහන දෙකක් ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමේ අවස්ථාව හිමිවනවා.
අද අර්ධ චන්ද්‍රග්‍රහණයක්
Reviewed by pubudulakmal
on
10:40:00 PM
Rating: 5
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment