Latest News

Sunday, May 1, 2016

බාලාතම්පෝ මහතාගේ නමින් මාවතක්







ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ වෘත්තීය සමිති නායකයකු වූ දිවංගත ලංකා වෙළෙඳ කාර්මික පොදු කම්කරු සංගමයේ (සී. එම්. යූ)  බාලාතම්පෝ මහතාගේ නමින් මාවතක් නම් කිරීම රජය අද ලෝක  කම්කරු දිනයේදී සිදුකළා .
කොළඹ 03, කොල්ලුපිටිය, 22 වන පටුමග මෙලෙස බාලාතම්පෝ මාවත නමින් නම් කරනු ලැබුවා .
මෙවර මැයි දිනයේ දී කොල්ලුපිටි‍යේ බාලාතම්පෝ ගොඩනැගිල්ල ඇති බටුමග බාලාතම්පෝ පටුමඟ ලෙස නම් කිරීම මෙවර මැයි දිනයේ සුවිශේෂත්වයක්. කම්කරු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න අමාත්‍යවරයා විසින් මේ පටුමඟ බාලාතම්පෝ මාවත ලෙසින් විවෘත කරනු ලැබුවා .
 බාලාතම්පෝ මහතා පසුගිය ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයපලකරා  .
වසර 2014 සැප්තැම්බර් 01 වැනිදා මිය ගිය බාලාතම්පෝ මහතා වසර 66ක කාලයක් කම්මරු සංගමයක ප්‍රධානියාව සිටි ලොව එකම නායකයා ලෙස සැලැකේ. සී.එම්.යූ. නායකයාවීමට පෙර බාලාතම්පෝ මහතා ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන රටේ නිදහස වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළ අයෙකි.

ලංකා විශ්වවිද්‍යාලය හා ලන්ඩන් විශ්වවලින් බී.එස්.සී. උපාධි ලබාගත් ඔහු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මුලින්ම සේවය කර තිබේ. අනතුරුව 1947දී ඉන් ඉවත්වී අධි නීතිඥයකු ලෙසත් වෘත්තීය සමිති නායකයකු ලෙසත් තම දායකත්වය රටේ වැඩකරන පන්තිය වෙනුවෙනුත් කැපකර ඇත.

No comments:

Post a Comment

Recent Post