Monday, May 2, 2016
ප්‍රින්ස් අභිරහස් ලෙස මියයයි
ලෝක ප්‍රකට පොප් ගායන තරුවක් වන ප්‍රින්ස් රොජර්ස් නෙල්සන් අභාවප්‍රාප්ත වීය . පොප් සංගීත ලෝකය "ප්‍රින්ස්" යන නාමයෙන් ප්‍රසිද්ධියට පත් ඔහු මියයන විට ඔහු 57 වැනි වියෙහි පසු විය.
කෙසේ නමුත් ප්‍රින්ස්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
පසුගිය අප්‍රේල් 15 වැනිදා ඔහු සංදර්ශනයකට සහභාගි වන අතරතුර වේදිකාව මතදී හදිසියේ රෝගාතුරව රෝහල් ගත කර ඇති අතර පවුව ඔහුගේ රෝගී තත්වය යහපත් වූ නිසා නිවස වෙත ගොස් ඇත. ඉන් පසුව ඇමරිකාවේ - ටිනසෝටා හි පිහිටි සිය නිවසේදී ඔහු ඊයේ (21) අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ මෘත ශරීරය හමුවී ඇත්තේ නිවසේ සෝපානයක් තුල තිබියදීයි .
1958 වසරේ උපත ලද ප්‍රින්ස් රොජර්ස් නෙල්සන් හෙවත් පොප් සංගීත ලෝකය හඳුනාගත් ප්‍රින්ස් සුපිරි තරුවක් බවට පත්වන්නේ 1980 දශකයේදීයි. ඒ ඔහු ගායනා කළ "Kiss" සහ "Purple Rain" ගීතවලිනි.
රොක්, ෆන්ක් සහ ජෑස් යන සංගීත විධි රැසකට පැතිරුණු ප්‍රින්ස්ගේ සංගීත නිර්මාණ හැකියාව මූර්තිමන් වන්නේ ඔහු තමාගේ සියලූ ගීත ලියා සංගීතය රචනය කොට නිෂ්පාදනය කිරීම හේතුවෙන් පර්පල් රේන් ඔහු සුපිරි තරුවක් කළ ගීත ඇල්බමයයි. 1984 වසරේදී ඊට ඔස්කාර් සම්මානය ද හිමිවුණා.
නවමු සංගීත නිර්මාණ රැසක් ලොවට බිහිකළ ප්‍රින්ස්ගේ ගීත ඇල්බම මිලියන 100 කට වඩා ලොව පුරා අලෙවි වී තිබෙනවා.
2004 වසරේදී ප්‍රින්ස් රොක් ඇන්ඞ් රෝල් සංගීතයේ සදාතනික විශිෂ්ඨයන් අතරට නම් කෙරුණේ ඔහු රොක් සංගීතයේ රීතිය නැවත ලියූ නිසයි.
ප්‍රින්ස් අභිරහස් ලෙස මියයයි
Reviewed by pubudulakmal
on
10:16:00 AM
Rating: 5
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment