Latest News

Wednesday, May 4, 2016

පිටසක්වල සමග යුද්ධයක්


තුන් වන ලෝක යුද්ධයේදී අමෙරිකානු හමුදාවන්ට පිටසක්වල ජීවීන් සමගද ගැටීමට සිදුවනු ඇතැයි එරට හමුදා ප‍්‍රධානී ජනරාල් මාර්ක් මිලේ සදහන් කර තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ නොර්ත්ෆීල්ඩ් හී නොර්වේෂ් සරසවියේ පුහුණුව ලද අමෙරිකානු හමුදා භට කණ්ඩායමක් අමතමින්. පළමු හා දෙවන ලෝක යුද්ධ මිනිසුන් සමග පැවැති යුද්ධ බව පවසා ඇති ජනරාල්වරයා 3න්වන ලෝක යුද්ධය ඊට වඩා සංකීර්ණ වනු ඇති බවයි පවසන්නේ. එහිදී මිනිස් ත‍්‍රස්තවාදීන් / දෙමුහුන් මිනිසුන් / කොල පැහැති ජීවීන් කොට්ඨාශයක් සමග මෙන්ම ගෝත‍්‍රිකයින් සමග සටන් කිරීමටද සිදුවනු ඇති බව අමෙරිකානු හමුදා ප‍්‍රධානියා පවසා තිබෙනවා.
අනාගතයේද් නොව අප ජීවත්වන කාල වකවානුවේදීම මෙම යුද්ධයට මුහුණදීමට සිදුවන බවත් ඊට සූදානම්වන ලෙසත් ඔහු අමෙරිකානු හමුදාවන්ගෙන් ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු කවර අපේක්ෂාවක් මත මෙවන් ප‍්‍රකාශයක් සිදුකළේ දැයි හෙළිව නොමැති අතර මෙම ප‍්‍රකාශය අන්තර්ජාලයේ මහත් ආන්දෝලනයට ලක්ව තිබෙනවා.


No comments:

Post a Comment

Recent Post