තාවකාලිකව වැඩ කටයුතු අත්හිටවූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නව මුහුණුවරකින් කඩිනමින් යළි ස්ථාපිත කරන බව නව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි.
පොලිස්පති ධුරයට පත්වීමෙන් පසුව අද ප්‍රථමවරට මහනුවර - ශ්‍රී දළදා මාලිගාවට ගොස් ආශිර්වාද ලබා ගත් නව පොලිස්පතිවරයා මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් ද බැහැ දුටුවා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොලිස්පති පූජිත් ජයසුන්දර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පිළිබඳව සදහන් කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.
No comments:
Post a Comment