Latest News

Sunday, June 19, 2016

කොත්මලේ මහවැලි මහාසෑය






පෙර රජසමයෙන් අවුරුදු 1600 කට පසු පුජෝපහාරයට 
පිදෙන නුතනයේ ඉදිවු විස්මිත චෛත්‍ය නිර්මාණය වන කොත්මලේ මහවැලි මහාසෑය අද සිට බෞද්ධ ජනතාවගේ වන්දණීය පුජනීයත්වයට පත්කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසනවා. ඉහළ කොත්මලේ ජලාශ වේල්ලට ඉහළින් කඳු මුදුනක ඉදිකළ විස්මිත මෙම චෛත්‍ය නිර්මාණය අද (20) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පුෂ්පඋපහාර දැක්වීමෙන් පසු බෞද්ධ ජනතාවට මෙම මහාවැලි මහාසෑය වැදපුදා ගැනීම අවස්ථාව උදාවනු ඇත.කොත්මලේ සහ අනෙකුත් මහවැලි ජලාශයන්ට යටවු බෞද්ධ ආගමික පූජනීය සිද්ධස්ථාන සිහි කිරිම සංකේතයක් වශයෙන් මහවැලි මහාසෑය ඉදිවිය.

බුබුලූකාර හැඩයකින් යුතු මෙම චෛත්‍ය ගර්භය තුළට පිවිස වන්දනා මාන කටයුතු සඳහා බැතිමතුන්ට අවස්ථාව හිමිවේ. මෙම ගර්භය තුළ බැතිමතුන් හාරදහකට පමණ එක්වර වන්දනා මාන කටයුතු කිරිමට පහසුකම් ඇත. මහවැලි මහාසෑය උස අඩි 289 වන අතර වට ප්‍රමාණය අඩි 628 කි. මෙම චෛත්‍ය රුවන්වැලි මහාසෑයට පමණක් අඩි දෙකකින් අඩුය. අමාත්‍ය නවින් දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් මහවැලි සංස්කෘතික පදනම භාරය මගින් ජනාධිපති අරමුදල් රාජ්‍ය අරමුදල් විවිධ රාජ්‍ය ආයතනයන්හි පරිත්‍යාග පෞද්ගලික ආයතනවල හා මහජනතාවගේ ද්‍රව්‍ය හා මුල්‍ය ආධාර මත මෙම මහවැලි මහාසැය ඉදිකර ඇත. මෙම මහවැලි මහාසෑය මුලික සැලසුම අනුව සියලූම වැඩ නිම කිරීමෙන් පසු මෙම සිද්ධස්ථානය බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් පිහිටු විමට නියමිතය.









No comments:

Post a Comment

Recent Post