Latest News

Thursday, May 5, 2016

මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කර ප්‍රතිචක්‍රීකරණය අරබයි


මීතොටමුල්ල කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු අද (5) පෙරවරුවේ ආරම්භ කළ බව බස්නාහිර පළාත් සභා ආරංචි පවසනවා.
කුණු කන්ද ඉවත් කර එම කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කටයුතු භාරව සිටින එංගලන්ත සමාගමක් වන ‘එස්ජේපී වේස්ට් ටු එනර්ජි ප්‍රයිවට් ලිමිටඩ්‘ හි කාර්ය මණ්ඩලය සහ බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා අද(05) පෙරවරුවේ මීතොටමුල්ලට කුණු කන්ද පිහිටි ප්‍රදේශයට ගොස් තිබේ.
එංගලන්ත සමාගමේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේ ඉම්රාන් අලි ය.
කුණු කන්දේ ඇති කුණු දිනකට ටොන් 4000 බැගින් අවුරුදු 6ක් ඇතුළත ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළා.

No comments:

Post a Comment

Recent Post