තෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතා අද දින (17) අලුයම සිංගප්පූරුව
බලා පිටත්ව යනු ලැබුවා.
අද අලුයම 1.10ට
SQ 469 දරණ සිංගප්පූරුවට අයත් ගුවන් යානයකින් අග්‍රාමාත්‍යවරයා
දිවයිනෙන් පිටත්ව ගිය අතර මෙම
සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිවරයා සහ එරට
අග්‍රාමාත්‍යවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡාවලට සහභාගීවිමට නියමිතය.
සිංගප්පූරුවේ අධ්‍යාපන, තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය වෛද්‍ය අමාත්‍ය ජනිල් පුතුචෙරි මහතා හා එම මහත්මිය
විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දූත
පිරිස සිංගප්පූරුවේ චංගි ගුවන් තොටුපොළේදි පිළිගන්නා ලදී.
තුන්වන දකුණූ ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක
සැසිවාරය ඇමතීම අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ ප්‍රධාන අරමුණ වෙයි.
එම සමුළුව හෙට(18) සහ අනිද්දා(19) දිනවල
දී පැවැත්වීමට නියමිත වන අතර සිංගප්පූරු
සංචාරය සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුලු මැතිඇමතිවරුන් පිරිසක් ද සහභාගී
වෙයි.
No comments:
Post a Comment