සමාජ වෙබ් අඩවි වල අතිශය ප්‍රසිද්ධ වී සිටි
චරිතයක් වන පකිස්තාන නිරූපණ ශිල්පිනී කන්ඩීල් බලෝච් ඊයේ දින පකිස්තානයේ ශෝකජනකම සිදුවීම
බවට පත්වුණා.
අශීලාචාර අසභ්‍ය අකාරයේ වීඩියෝ facebookහි පල නොකරන ලෙස ඇගේ සොහොයුරා පවසා තිබුණද ඇය එය
පිලිනොපැදීම හේතුවෙන් මෙම සිදු වීම සිදු වී ඇති අතර එරට මාධ්‍ය වාර්තා කලේ කන්ඩීල්ගේ
සහෝදරයා විසින් 26 හැවිරිදි කන්ඩීල්ව වෙඩි තබා ඝාතනය කොට ඇති බවයි.
කන්ඩීල් ගේ මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල
වන ඇයගේ සොහොයුරා නිවසින් පළා ගොස් ඇති බවද පොලිසිය කියා සිටියි.
නූතන සමාජයේ ස්ත්‍රීවාදියක් ලෙස පෙනී සිටි
ඇයගේ හැසිරීම ගතානුගතිකවාදීන් විසින් හෙලා දකිනු ලැබූ අතර අවස්ථා කීපයකදී ඇයට මරණ තර්ජන
එල්ල වී තිබුණා.
No comments:
Post a Comment