Latest News

Sunday, July 17, 2016

සනී ලියොන් ගායනයටද




බොලිවුඩයේ "බාබිඩෝල්" ලෙස හඳුන්වන සනී ලියොන් පසුගිය දිනක ගීත ගායනයටද සම්බන්ධ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඇයගේ අලුත්ම චිත්‍රපටය වූ "වන් නයිට් ස්ටැන්ඩ්" චිත්‍රපටයේ එන ගීතයක් වෙනුවෙනුයි. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කල්ගත වූයේද සනී ලියොන් ගායනා කරන මෙම ගීතය නිසි ආකාරව පටිගත කිරීමට නොහැකි වූ නිසාවෙන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.

කෙසේ වෙතත්, මෙම ගීතය මේ වනවිට පටිගත කොට සියලු වැඩ අවසන් කර තිබෙන නිසාවෙන් ඉතා ඉක්මනින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටිනවා.

මේ පිලිබඳ අදහස් දක්වමින් සනී පවසා සිටින්නේ තමාගේ තවත් එක් සිහිනයක් මෙම ගීතය ගායනා කිරීමත් සමග සඵල වූ බවය. එමෙන්ම සුපිරි නළු ෂාරුක් ඛාන් සමගින් නර්තනයේ යෙදෙන්නට අවස්ථාව ලැබීමත් තමා බලාපොරොත්තු වූ තවත් එක්තරා සිහිනයක් බවත්, එයද මේ වනවිට සඵල වී තිබෙන බවත් ඇය මාධ්‍යය අමතමින් පවසා තිබෙනවා.


ලබන වසරේ ජනවාරි මාසයේදී තිරගත වන ෂාරුක් ඛාන්ගේ "රායිස්" චිත්‍රපටයේ සනි ආරාධිත නර්තනයක යෙදෙනවා.

No comments:

Post a Comment

Recent Post