ආසියාව පුරා සීකා වෛරසය පැතිර යාමේ ඉහළ අවදානමක් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. සිංගප්පූරුව හා තායිලන්තය යන රටවලින් දැනටමත් සීකා වෛරසය ආසාදනය වූවන් බොහෝ පිරිසක් සොයාගෙන තිබෙනවා.
සීකා වෛරසය පැතිර ගිය රටවල් 70වක් දැනටමත් හඳුනාගෙන ඇති අතර ඉන් 19ක් ආසියා පැසිෆික් කලාපයට අයත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ආසියාවේ තවත් රටවලට වෛරසය පැතිර ගොස් ඇත්දැයි සොයා එම සංවිධානය මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් ආසියා කලාපයේ රටවලට දැඩි අවධානයෙන් සිටින ලෙසටයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත්තේ.
No comments:
Post a Comment