Sunday, October 30, 2016
මුහුදු වැලි සම්බන්ධ ගැටලුව සුබවාදීව විසඳීම ගැන අගරදගුරු හිමිපාණන්ගෙන් රජයට ප්‍රසාදය
මූල්‍ය නගරයේ ඉදිකිරීම් සඳහා මුහුදු වැලි ලබාගැනීමේ ක්‍රියාමාර්ගයට ධීවරයින් දැක්වූ විරෝධය සැලකිල්ලට ගෙන එම ගැටලුව සුබදායී අයුරින් නිරාකරණය කරගැනීමට ගත් ක්‍රියාමාර්ගය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අගය කරනවා. ඒ සම්බන්ධයෙන් ජනපතිට, අගමැතිට හා විෂය භාර අමාත්‍යවරයා ඇතුළු සියලු පාර්ශ්වවලට තම ස්තූතිය පුද කරන බවයි රදගුරු හිමිපාණන් පවසන්නේ.
මූල්‍ය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා මුහුදු වැලි ලබාගැනීමට පියවර ගැනුණා. වැලි ගොඩදැමීමෙන් ධීවර කර්මාන්තයට ගැටලු ඇතිවන බව පවසමින් මීගමුව සිට දික්ඕවිට දක්වා වූ මුහුදු තීරයේ ධීවරයින් විසින් විරෝධතා පැවැත්වූවා. ඒ පිළිබඳ යහපත් ප්‍රතිචාර දක්වමින් එම ධීවරයින්ගේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර ගැටලුව සුබදායී ලෙස නිරාකරණය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය අගය කරන බවයි රදගුරු හිමිපාණන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. ඒ සඳහා කටයුතු කළ ජනපතිට, අගමැතිට, මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාටත් ඊට දායක වූ සියලු පාර්ශ්වවලටත් තම අවංක ස්තූතිය පුද කරන බවයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරන්නේ. කරුණු හතක් ඇතුළත් නිල නිවේදනයක් නිකුත් කරමින් ධීවර ජනතාවට රජය දැක්වූ සැලකිල්ල තමන් වහන්සේ අගය කරන බවයි රදගුරු හිමිපාණන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මුහුදු වැලි සම්බන්ධ ගැටලුව සුබවාදීව විසඳීම ගැන අගරදගුරු හිමිපාණන්ගෙන් රජයට ප්‍රසාදය
Reviewed by pubudulakmal
on
5:23:00 AM
Rating: 5
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment