Latest News

Saturday, October 22, 2016

ලංකාවේ ප්‍රථම ආදර්ශ අප ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ


ජාත්‍යන්තර සහයෝගිතා වැඩසටහන යටතේ ජපන් ආධාර මත ඉදිකළ ලංකාවේ ප්‍රථම ආදර්ශ අප ජල පවිත්‍රාගාරය දිගන කිරි පිටි කර්මාන්ත ශාලාවේදී අමාත්‍ය පී. හැරිසන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඊට වැය කළ මුදල රුපියල් මිලියන 150 ක්. මිල්කෝ දිගන කර්මාන්ත ශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදා හැරීමෙන් පාරිසරික ගැටලු රැසක් ඇති වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කර තිබුණා. ඊට පිළියමක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීමෙන් ජයිකා ආයතනය මඟින් මෙම ජල පවිත්‍රාගාරය ඉදිකිරීමට පියවර ගත්තා.
මෙම අවස්ථාව සඳහා ජපානයේ තානාපති කොනිචි සුගොනොමා මහතා, ජයිකා මෙරට ප්‍රධාන නියොජිත කියෝෂි අමාගා මහතා, ජාතික කිරි මණ්ඩලයේ සභාපති කීර්ති මිහිරපැන්න, පරිසරි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. එම්.එච්.කේ. සේනානයක මහතා ඇතුළු නිලාධාරීන් පිරිසක් මීට එක්ව සිටියා .

No comments:

Post a Comment

Recent Post