Latest News

Saturday, October 22, 2016

පොලිතින් , ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිරාවරණ සතියක්


අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන අනිද්දා පෙ.ව 9 ට ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. අපද්‍රව්‍ය‍ කළමනාකරණ ජාතික වැඩසටහන මගින් පොලිතින් , ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිරාවරණ සතියක් 24 දා  සිට 30 වනදා දක්වා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ පුනරුදය ජාතික පරිසර සංරක්‍ෂණ වැඩසටහනට අනුවයි.

එම සතිය තුළ දිවයින පුරා ප්‍රධාන නගර , මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා පරිශ්‍ර කේන්ද්‍ර කර ගනිමින් පොලිතින් ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන ක්‍රියාත්මක වනවා.

ඒ අනූව නිවාස සහ ආයතන මට්ටමින් එක්රැස්වන අපද්‍රව්‍ය 24 දා සිට 28 වන දක්වා එක්රැස් කිරීමේ රථයට හෝ ආසන්නතම එක්එරැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් භාර දිය හැකයි. මෙම වැඩසටහන යටතේ සමනල ක්‍රීඩාංගනයේ තාවකාලිකව ස්ථාපනය කොට ඇති අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානයට පොලිතින් , ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගෙනවිත් භාර දිය හැකියි.

No comments:

Post a Comment

Recent Post