Latest News

Saturday, October 22, 2016

මත් ජාවාරම මඬින්න බුද්ධි අංශයක් ත්‍රිවිධ හමුදාව පොලිසිය හා රේගුව එක්වෙයි




මෙරට මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙන මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් අඩපණ කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, විශේෂ කාර්ය බළකාය, රේගුව, ආගමන විගමන, සිවිල් ආරක්ෂක බළකාය සම්බන්ධ කැරගත් අන්තර් ආයතන බුද්ධි ඒකකයක් ස්ථාපිත කිරීමට නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා .
මේ වන විටත් මෙම බුද්ධි ඒකකය ඉහත සියලුම ආරක්ෂක අංශවල තෝරාගත් බුද්ධි නිලධාරීන්ගේ එකතුවෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බව නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා ප්‍රකාශ කළා.
මෙම බුද්ධි ඒකකය එක්රැස් කරන බුද්ධි තොරතුරු හරහා ඉදිරියේදී දැවැන්ත මෙහෙයුම් ගණනාවක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වන්නේ.


මෙම මත්ද්‍රව්‍ය බුද්ධි තොරතුරු ඒකකයට සම්බන්ධ කර ගනිමින් ජාත්‍යන්තර බුද්ධි ඒකකයක් පිහිටුවන බවද ලේකම් ජගත් පී. විජේවීර මහතා වැඩිදුරටත් පවසනවා . ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමැති සාගල රත්නායක මහත්වරු කළ සාකච්ඡාවකට අනුව මෙම විශේෂ බුද්ධි ඒකකය මීට මාස තුනකට පෙර පිහිට වූ බවයි ලේකම්වරයා පැවසුවේ . ගුවන් ගමන් හරහා සහ වරාය හරහා මෙරටට එන මත්කුඩු තොග වලට අමතරව මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙන්වන මත්කුඩු ප්‍රමාණය ඉතා ඉහළ ප්‍රමාණයක් . පසුගිය කාලවලදී මේ සම්බන්ධව සිදු කරන ලද මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලට වඩා වෙනස් ආකාරයකින් මෙහෙයුම් මෙම විශේෂ බුද්ධි ඒකකය මඟින් සිදු කර ඇත්තේ .

මුහුදෙන් හා ගුවනින් මෙරටට ඇතුළු කරන මත්ද්‍රව්‍ය වලට අමතරව රේගුව හා ආගමන විගමන අංශවල බුද්ධි නිලධාරීන් ‍හරහා මෙරටට ඇතුල්වන මත්කුඩු ජාවාරම්කරුවන් කොටු කර ගැනීම ද සිදුවෙනවා .

මෙහිදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ 2020 වන විට රටේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් අඩපණ කිරීමේ ඉලක්කය කරා ගෙන යාම රජයේ අරමුණ බවයි.

නීතිය සාමය අමාත්‍යාංශය ඒ සඳහා ලොකු කැපවීමක් කරනවා. මත්කුඩු නැතිකිරීමේ මෙහෙයුම් වෙත අප යා යුතුයි. අප ඒ සම්බන්ධව කෙළින්ම ක්‍රියාත්මක වෙනවා. වරාය ගුවන් ගමන් වලින් මත්කුඩු ජාවාරම හිරකරන විට මුහුද හරහා මත්කුඩු රට තුළට එනවා. ඒ නිසා නාවික හමුදාවත් සීරුවෙන් තබා වැටලීම් කරන බව ලේකම්වරයා කියා සිටියා . 

No comments:

Post a Comment

Recent Post