ඖෂධ වර්ග 47 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම මිල සූත්‍රය සකස්කර තිබෙනවා. මහා පරිමාණ ඖෂධ සමාගම් ආනයනය කරන ඖෂධවල මිල සහ සුළු පරිමාණ ආනයනකරුවන්ගේ ඖෂධ මිල ගණන් මෙම මිල සකස් කිරීම සඳහා සැලකිල්ලට ගෙන තිබෙනවා.
පළමු අදියර යටතේ දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු රෝග රැසක් සඳහා ලබා ගන්නා ඖෂධ 47 ක මිල අඩු කිරීමට නියමිතයි. කෙසේ වෙතත් ඖෂධ වර්ගවල මිල අඩුකිරීමෙන් පසු ඖෂධ හිගයක් මවා පෑමට ඇතැම් සමාගම් උත්සාහ කළ ද ඊට මුහුණ දීමට සූදානම් බව අමාත්‍ය රාජිත සේනාරත්න අවධාරණය කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.
No comments:
Post a Comment