ජපාන අග්‍රාමාත්‍ය ෂිංසො අබේගේ ධූර කාලය දීර්ඝ කිරීමට පාලක පක්ෂය සුදානම් බව වාර්තා වෙනවා. මෙම සතිය අගදී මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට සුදානම් බවයි ජපාන වාර්තා සඳහන් කරන්නේ. දැනට ෂිංසො අබේ දරණ ධූර කාලය 2018 වසරේදී අවසන් වීමට නියමිතයි. මෙම ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කැමැත්ත පළ කර නැති බවයි එරට වාර්තා සදහන් කලේ.
ඔහු එසේ කැමැත්ත පළ කළහොත් වසර 2020දී පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා නායකත්වය ලබා දීමට ඔහුට හැකි වනු ඇති. ජපානයේ පාලක පක්ෂයට ජාතික ඡන්දයකින් තොරව ආග්‍රාමාත්‍ය ධූරයට කෙනෙකු පත් කරගැනීමට හැකියාව පවතිනවා. 2012 වසරේදී බලයට පත් වනවිට ෂෙංසො ලබා සිටි ජනප්‍රියත්වයට වඩා මේ වනවිට ඔහු වැඩි ජනප්‍රියත්වයක් ලබා සිටින බවයි නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ.
No comments:
Post a Comment