පිළිකා ඖෂධ සහ ස්ටෙන්ස් මිල අඩු කිරීමට අමාත්‍ය රාජිත සේනාරත්න තීරණය කර තිබේ . පිළිකා ඖෂධ සහ ස්ටෙන්ස් වෙළෙඳ පෙළේ අළෙවි වන මිල ගණන් සහ මිල අවම කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීම, අක්ෂි කාච මිල අඩු කිරීම සිදුකළා මෙන් මෙම මිල නියාමනය ද සිදුකරන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඒ අනුව අදාල වාර්තාව කඩිනමින් සකස් කරන ලෙසයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වාට අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සදහා ඉදිකිරීමට යෝජිත ඖෂධ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළා. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඖෂධ සමාගම්වලට යටත් වන්නේ නැතිව ඖෂධ මිල අඩු කිරීමට ඉදිරියටත් පියවර ගන්නා බවයි.
No comments:
Post a Comment