Thursday, June 15, 2017
දිවයින පුරා කුඩා පරිමාණ ඇගලුම් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා 150ක්
ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමට දිවයින පුරා කුඩා පරිමාණ ඇගලුම් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා 150ක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයයි වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නේ.
මේ අනුව සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි මෙම කර්මාන්ත ශාලා පිහිටුවීමට තීරණය කර තිබෙනවා. මේ වන විටත් කර්මාන්ත ශාලා පනහක නිෂ්පාදක කටයුතු ආරම්භකර ඇති බවයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසන්නේ. අම්පාර දිස්ත්‍රික් කුඩා පරිමාණ ඇගලුම් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා ආරම්භ කිරීමේ සමාරම්භක උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජාත්‍යන්තර වෙළෙදපොළට ගැළපෙන ලෙස ඇගලුම් නිෂ්පාදන සිදු කිරීම පිලිබද මාස 6ක මූලික පුහුණුවක් ලබා දීමෙන් පසු තෝරාගත් පිරිස ක්‍රියාවලිය සදහා එක්කර ගන්නවා. එක් කර්මාන්ත ශාලාවකට පුහුණුලාභීන් හතලිස් දෙනෙක් බදවා ගන්නා අතර ඔවුන් පුහුණු කිරීම සදහා පළපුරුදු උපදේශකයෙකු ද පත්කරනවා. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී අවතැන් වූ පවුල්, යුද වැන්ඳඹුවන් සදහා ප්‍රමුඛත්වය ලබා දීමටයි අමාත්‍යංශය පියවර ගෙන තිබෙන්නේ. පුහුණු කිරීමේ කටයුතු සඳහා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ජාතික ශිල්ප සභාව යන ආයතන මගින් සම්පත් දායකත්වය ලබා දෙනවා. මෙම නිෂ්පාදන දේශීය ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමට සහ මහා පරිමාණ අපනයනකරුවන්ගේ උපකොන්ත්‍රාත් ලෙස සම්බන්ධ කරවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය මැදිහත් වනවා. මේ යටතේ ග්‍රාමීය කාන්තාවන් හයදහසකට ඝෘජු රැකියා අවස්ථා හිමිවන අතර ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 287.5ක මුදලක් වෙන්කර තිබෙනවා.
දිවයින පුරා කුඩා පරිමාණ ඇගලුම් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා 150ක්
Reviewed by pubudulakmal
on
6:27:00 AM
Rating: 5
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment