Wednesday, June 14, 2017
කර්මාන්ත අංශයේ - නිෂ්පාදන ධාරිතාවේ වැඩිවීමක්
2016 වර්ෂයේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 2017 අප්‍රේල් මාසයේ නිෂ්පාදන කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවේ 1.8%කින් වැඩිවී තිබෙනවා.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ 2017 අප්‍රේල් මාසයට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකයෙහි මේ බව සඳහන්. කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත්ම සුදුසු දර්ශකයක් ලෙසයි, කාර්මික නිෂ්පාදන දර්ශකයේ හැඳින්වෙන්නේ.
මෙම දර්ශකය මගින් කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතවේහි වෙස්නවීම් ද හඳුනාගැනීමට හැකිවීම විශේෂත්වයක්.
මෙම දර්ශකය අනූව ගෘහ භාණ්ඩ නිෂ්පාදනය, ලෝක හොනවන ඛනිජමය ද්‍රව්‍ය නිෂ්පාදනය සහ පිරි සකසන ලද ලෝක නිෂ්පාදනය කැපී පෙනන ලෙස වර්ධනය වෙළා. 2017 අප්‍රේල් මාසයේ ආහාර නිෂ්පාදන අංශයෙන් ද වර්ධනයක පෙන්නුම් කරනවා.
දැව ආශ්‍රිත නිෂ්පාදන, රසායන ද්‍රව්‍ය නිෂ්පාදන සහ දුම්කොළ නිෂ්පාදනවල අඩුවීමක් කාර්මික නිෂ්පාදන දර්ශකයෙන් පෙන්වා දෙනවා.
කර්මාන්ත අංශයේ - නිෂ්පාදන ධාරිතාවේ වැඩිවීමක්
Reviewed by pubudulakmal
on
12:17:00 PM
Rating: 5
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment